ගැලීලියෝ ගැලිලි

(1) ගැලීලියෝ ගැලිලි
Galileo Galilei (ක්‍රි.ව 1564-1642)

(දුරදක්නයෙන් විශ්වය තරණය කළ විද්‍යාඥයා)

ඉතාලියේ පීසා නුවර ධනවත් පවුලක වර්ෂ 1564 දී ගැලීලියෝ ගැලිලි නමින් දරුවෙක් උපත ලැබී ය. ඔහුගේ ළමාවිය කෙළි දෙලෙන් යුතුව ගෙවීගියේ ය. මූලික අධ්‍යාපනයෙන් පසු 'පීසා' විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාලේ ය.

වංශාධිපතියෙකු වූ ඔහුගේ පියාට අවශ්‍ය වූයේ තම පුතා වෛද්‍ය වරයෙකු තිරීමට ය. නමුත් පුතා ප්‍රියකළේ චිත්‍ර කලායට හා සංගීතයටයයි. මේ පරස්පරයට මැදිව හුන් අතරතුරදී ගැලීලියෝ චින්තන විප්ලවයකට හසුවි ය. එනම් විද්‍යාව හා ගණිතය කෙරෙහි ඔහුගේ සිත ඇදීයාම යි. ප්‍රවීන විද්වතුන්ගේ නවතම සොයාගැනීම් කොර එනම් විද්‍යාව හා ගණිතය කෙරෙහි ඔහුගේ සිත ඇදීයාම යි. ප්‍රවීන විද්වතුන්ගේ නවතම සොයාගැනීම් කොරහි අවධානය යොමුකළ ගැලීලියෝ අලුතින් සිතාබැලීමට පටන් ගත්තේ ය. ඒ අනුව ඇතමුන් තුළ සාවද්‍ය මත  හි අවධානය යොමුකළ ගැලීලියෝ අලුතින් සිතාබැලීමට පටන් ගත්තේ ය. ඒ අනුව ඇතමුන් තුළ සාවද්‍ය මත දුරුකොට නවතම සොයාගැනීම් ඉදිරිපත් කරන්නට හෙතෙම උනන්දු විය. එහි ප්‍රතිඵලයක් වශායන් විශ්වය තුළ පවත්නා සැබෑව හෙලිකොට මිත්‍යාව දුරුකරන්නට ගැලීලියෝට හැකිවි ය. නමුත් එය එකවර කළ හැකි දෙයක්නම් වූයේ නැත. ඔහු ආගම් විරෝධියෙකු ලෙසින් හංවඩු ගසා සමාජයෙන් නෙරපාදැමීමට ද ඇතමුන් උත්සහ දැරූ හ. ආගමික අධිකරණය ඉදරියේ පවා ගැලීලියෝ මරණීය දන්ඩනයට පවා නියම කරනු ලැබී ය.

පෘථිවය වටා සූර්යයා ඇතුළු ග්‍රහ වස්තූන් පරිභ්‍රමනය වන බව එවකට පිළිගත් මතයකි. ඔහු විසින් නිපදවන ලද දුරදක්නය මගින් විශ්වය දෙස බැලී ය. පෘථිවිය නිශ්චල වස්තුවක් නොවන බවත් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් චලනය වන බවත් පවසා සිටීම නිසා ගැලීලියෝ වැරදිකරුවෙක් විය. මෙතෙක් ඔහුවිසින් අත්හදා බැලීම් මගින් සොයාගත් කරුණු වැරදිසහගත බව පිළිගන්නා මෙන් ආගමික අධිකරණය ඔහුට බල කළ සිටියේ ය. එසේ නොකළොත් මරණීය දණ්ඩනය පමුණුවන බවට තීරණය විය. ජීවිතය බේරාගැනීම කීර්තියට වඩා අගනා බව සිතූ මේ මහා විද්වතා නමන්ගේ මත වැරදි සහගත බව පළෙිගෙන නිහඪ විය.

මේ වන විට ඔහු ඔර්ලෝසු බට්ටා නිපදවා තිබිණි.දේවස්ථානයක උඩ එල්ලා තිබුණු පහනක් එකම වේගයෙන් දෙපැත්තට පැද්දෙන අන්දම දුටු ඔහුගේ සිතට මෙම සංකල්පය ගලා ආවේ ය. ඔනැම ලොකු හෝ කුඩා වස්තුවක් උඩක සිට පහළට වැටීමේ දි බරෙහි වෙනසක් නොමැතිව එකවරම බිම පදිතවන බව ඔහු විසින් ඔප්පුකරන ලද ස්ද්ධාන්තයකි. මෙම කරුණ පිළිගත් විද්වත්හු ඔහුට පීසා සරසවියේ මහාචාර්ය ධූර්යයක් පවා පිරිනමා තිබුනි. නමුත් ඒ සියල්ල කණපිට පෙරලී ගියේ ය. ලේ වැසියන්ට වැරදි මත ප්‍රකාශ කිරීමෙන් මුලාවේ දැමීමේ වරදට අයසානයේ ගැලීලියෝ නිවාස අඩසිසියේ තැබීමට ආගමික අධිකරණයෙන් නියෝග කෙරිණි.

දුරදක්නය ආධාරයෙන් ආකාශවසතු නිරීක්ෂණය කිරීම නිසා පසු කළෙක ඔහු අන්ධභාවයට පත්වූ බව ද දැනගන්නට ලාබේ. මෙ උතුම් මිනිසාගේ අගය ලොවට වැටහීගියේ ඔහු ජීවිතයෙන් සමුගෙන ගියායින් පසුව ය. 1964 ජනවාරි 08 වන දින ඔහුගේ අභාවය සිදුවූයේ උගන්වමින් සිටිය දීය. විද්‍යාත්මක චින්තනයෙන් ලෙව අවධි කළ විද්‍යාඥයින් අතර ප්‍රමුඛත්වය ගැලීලියෝ ගැලිලි නම් මහා විද්වතාට හාමි වේ.

other
අනගාරික ධර්මපාල තුමා- ක්ලික් කරන්න

Comments

Post a Comment